අති පූජ්‍ය පණ්ඩිත කඳුබොඩ අමරඥාණ නායක ස්වාමින්වහන්සේ

amraghana-nahimiබස්නාහිර ප‍්‍රධාන සංඝනායක අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ කොළඹ දිස්ත‍්‍රික් සංඝ සභාවේ උප සභාපති ත‍්‍රිපිටකධර ප‍්‍රවචන කීර්ති ශ‍්‍රී සද්ධර්ම විනයාචාර්ය පණ්ඩිත කඳුබොඩ අමරඥාණ නාහිමි කඩුවෙල සංඛපිට්ඨි විහාරයේ නායක පදවිය හොබවමින් ප‍්‍රදේශයට පමණක් නොව කොළඹ දිස්ත‍්‍රික්කය පුරා ගෞරවයට පාත‍්‍රව සිටින උන්වහන්සේ උපත ලබන්නේ 1920 දෙසැම්බර් මස 08 වැනි දිනදීය. ගම්පහ කඳුබඩදී පීරිස් අප්පුහාමි හා පොඩිනෝනා දෙපලට දාව උපත ලද මෙතුමාට පී. ඩී. ඩැනායෙල් ලෙස නම් තැබනේ දරුවන් 8 දෙනෙකුගෙන් යුත් පවුලේ 5 වැනියාය. කඳුබඩ කණිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ආරම්භ කලේය. පැවිදි වීමට තුල ඇති දැඩි කැමැත්ත නිසාම මවුපිය අවසරය ලබා නාරම්මල මහා විහාරස්ථානයේ දී (1931 කඳුබඩ අමරඥාණ නමින් පැවිදි වූයේ කතලුවේ පඥාසාර නායක හිමියෝ යටතේය.

මෑත ඉතිහාසයේ ජ්‍යෙෂ්ඨතම නායකයා වශයේන අවවාදයෙන් පිලිගනු ලබන ශ‍්‍රීමත් අනගාරික ධර්මපාල තුමා මහණවූයේද, 1931 දීය. අනතුරුව බලපිටිය සුගත සාසනොදය පිරිවෙනට ඇතුලත් තල උන්වහනසේ මනා ශාස්ත‍්‍ර ඥානයක් ලබාගත් අතර, මාලිගාකන්ද විද්‍යෝදය මහ පිරිවෙනට ඇතුලත්ව ප‍්‍රවීන ප‍්‍රාරම්භ විභාගය හා පිරිවෙන් අවසාන පරීක්ෂනයෙන් විශිෂ්ඨ ලෙස සමත්වී සිංහල, පාලි, සංස්කෘත ප‍්‍රාකෘත වන්දෝලංකාර ඉතිහාසය, පුරා විද්‍යාව ආදී විෂයයන්ද ත‍්‍රිපිටක ධර්මයද මනා කොට හදාරා උනවහන්සේ සද්ධම්ම විනයාචාරය උපාධියද ලබාගත් හ.

මෙකල විදෙස් ධර්මදාන සේවයේ යෙදවීම සඳහා භික්ෂුන් වහන්සේලා පුහුණු කිරීමක් දෙමටගොඩ ප‍්‍රධානඝර මහා විහාරස්ථානයේ ඇරඹිනි.

මේ සඳහා ඇතුලත් වූ අප නාහිමියන් වහන්සේ නාරම්මල සිට යාමට එ්මට ඇති අපහසුතා නිසා කඩුවෙල කොතලාවල සංබපිට්ඨී විහාරයට වැඩම කළහ. එවකට විහාරාධිපති ධූරය දැරූ පාදුක්කේ ජබවංශ නාහිමියන්ගේද විහාරාධිකාරී පොරේගෙදර ධර්මපාල හිමියන්ගේද යටතේ කටයුතු කරමින් සිටින අතරතුර 1952 ජබවාරා 04 වැනි දින කඩුවෙල නගරාසන්නයේ කැළණි නදියේ ඉදිකල විශේෂ උදකුක්ඛේප සීමාමාලකයේදී ද උතුම් අපසම්පදාව ලැබූහ. ඓතිහාසික අතින් නුවර යුගයට අයත් චෛත්‍ය රාජාණයන්ගේ කොත පළදවන ලද්දේ අප නාහාමායන් උපසම්පදාව ලද දිනයේදීම ය.

රජයේ ගුරු සහතික පත‍්‍ර විභාගයෙන් සමත්වී හොකන්දර රතන විදයාලයෙන් ගුරු සේවයට එක්වූ උන්වහනසේ 1960 කැළණිය විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයට ඇතුළත්වී ශාස්ත‍්‍රවේදී උපාධියක් ලබා ගත්හ. උපාධිය සමත්වීමෙන් අකරතුර පූගොඩ ලුනුගම සිරිපැරකුම්බා විද්‍යාලයේ ගුරුවරයෙකු පත්වී පුරා වසර 27 ත්සසේ එම පාසලේ සේවය කළහ. 1988 අගෝස්තු 21 දින තම ගුරු දේවයන් වූ විනයාචාර්ය පෝරේගෙදර ධම්මපාල හිමියන් අපවත් වීමෙන් අනතුරුව කඩුවෙල මහ පන්සල ලෙස ප‍්‍රකට සංභපිට්ඨි මහා විහාරයේ විහාරාධිපතිත්යටද පත්විය. සිංහල පාලි සංස්කෘත, ඉංග‍්‍රීසි භාෂා වන්මනාවූ හැසිරවිය හැකි අප නා හිමියන් වරක් තායලන්ක සංචාරයකදී සංස්කෘත භාෂාවෙන් කථාවක් නිසා රජතුමගේ ප‍්‍රසාදයට පත්විය.

මේ අතරතුර ධර්මදූත මෙහෙවර වෙනුවෙන් තායිලන්තය, මියන්මාරය, සිංගප්පූරුව ආදී රටවල සංචාරය කරමින් එ් රාජ්‍යවල ගෞරවයටද පත්වූ උනවහන්සේ 1979 ඔකතෝම්බර් 07 දින ආරම්භ කැන ලද කඩුවෙල ශ‍්‍රී සම්බද්ධ ජයන්ති දහම් පාසලේ ප‍්‍රධානාචාර්යවරයා ලෙස අද දක්වා නායකත්වය ලබාදෙනවා පමණක් නොව ඊගැන්වීමද කරති. 95 වැනි විස සපිරුණත් කණ්නාඩියක් නොමැතිව  පොතක් කිනවීම, දායකයන්ගේ දානයකට, බණකට පයින්ම ගමන්කිරීම වැනි උන්වහනසේගේ කාය ශක්තිය කියාපානුයේ සාධු චරිතය අභිමානයයි.

කඩුවෙල සංඛපිට්ඨි විහාරස්ථාන හරහා පිහිටුවා ඇති නොයෙක් සංවිධාන මගින් සිදුකරන ඉමහත් සේවයේ මූලිකත්වය දරන්නේ උන්වහනසේය. නාහිමියන්ගේ ඉමහත් ශාසනික සේවය අගයමින් බස්නාහිර පලාතේ ප‍්‍රධාන සංඝනායක ත‍්‍රිගිටක ප‍්‍රවීනකීර්ති ශ‍්‍රී සියනෑහේවාගම් කෝරලේ ප‍්‍රධාන සංඝනායක සාමාන විනිශ්චයකාර සද්ධම්ම විනයාචාර්‍ය කඩුවෙල විහාරාධිපති සංගමයේ සභාපති ආදී ගෞරව නාමය හා ස්මාන උපාධියෙන්ද උන්වහනසේ පිදුම් ලැබූහ.

තමන් වහන්සේ ප‍්‍රධාන ශිෂ්‍ය තනතුරේ කටයුතු කරන තක්ෂිලා මහා පිරිවෙනාධිපති කංගම නාරද හිමියන්ගෙන් සිදුවන අපමන සේවය පමණක් උන්වහනසේගේ සේවය අගය කිරීමට හොඳම නිදසුන්ය. යුගයේ භික්ෂුවකගේ යුතුකම් ඉටුකරන කඩුවෙල ලොකු හාමුදුරුවෝ යන ගෙරව නාමයන්ගෙන් පුදනු ලැබූ කඩුවෙල කොතලාවල නවගමුව රනාල, බෝමිරිය හේවාගම්, ගොතටුව කොලෙන්නාව කඳුබොඩ, නාරම්මල, අලව්ව, දොම්පේ පූගොඩ ලුණුගම ආදී ගම්මානවල ජනයාට උන්වහන්සේගේ සිල්වත්කමත්, ගුණවත්කමත් එඩිතර කමත්, මහත් භාග්‍යකි. උන්වහන්සේට තව තවත් ශාසනික ආගමිකමහ මෙහෙවරට කරන්නට නිදුක් නරෝගී සුව පතමු.