ශ‍්‍රී සම්බුද්ධ ජයන්ති දහම් පාසල

1979 ඔක්තෝබර්7 දින  කඩුවෙල කොතලාවල මහ විද්‍යාලයෙදී අමරපුර සද්ධම්ම මහ නිකායේ මහනායක හිමිපාණන් ගේ ප්‍රධානත්වයෙන්  කඩුවෙල ශ්‍රී සම්බුද්ධ ජයන්ති දහම් පාසැලේ ආරම්භය ලෙස සැලකේ.

එදා සිට අද දක්වාම දහම් පාසලේ ප්‍රධානාචාර්ය ධුරය දරමින් යුගයේ භික්ෂූන් වහන්සේගේ කාර්යය මොනවට ඔපවත් කරන බස්නාහිර පළාතේ  ප්‍රධාන සංඝනායක සද්ධම්ම  විනයාචාර්ය පණ්ඩිත පූජ්‍ය කඳුබොඩ  අමරඥාන නාහිමිපාණන්ගේ මෙහෙයට ප්‍රථම කොට නමස්කාර කල යුතුය. එසේම මේ වසර 30 ක පමණ කාලයක් පුරාවටම අඛන්ඩව සිසු දරුවන්ට දහම් දැනුම ලබාදෙන ගුරු බවතුන් කීපදෙනෙක් තවදුරටත් සිටීම අගේ කල යුතුය.

ශ්‍රී ලංකාවේ විශාලතම සාසනාරක්ෂක බල මණ්ඩලය වන කඩුවෙල සාසනාරක්ෂක බල මණ්ඩලයේ 75 අධික දහම් පාසල් අතුරෙන් වැඩිම ළමුන් පිරිසක්  ඉගෙනුම ලබන දහම් පාසල මෙම දහම්  පාසල  වන අතර  සැම වර්ෂයකම ඉහලම ප්‍රතිපල ලබා ගැනීමට මෙහි  දරුවන් සමත්වී ඇත.

සාසනාරක්ෂක,දිස්ත්‍රික්ක,සමස්තලංකා මට්ටමින් ලද ජයග්‍රහන විශාල ප්‍රමාණයකි.විවිධ ආයතන සංවීධානය  කරන කථික ,ගායනා,චිත්‍ර,භක්ති ගී,විවාද, ආදී තරඟවලදී  ළමුන් ලබා එති දියුනුව  අගේකල යුතුය.තවද දරුවන්ගේ කුසලතා ඔප්  නංවාලීම  පිණිස  ජේස්ට  කනිෂ්ට ප්‍රාතමික බෝසත් ළමා සමාජ හරහා  දැනටමත් ජාතික තලයේ ළමුන්  බිහිවී සිටීම කෙතරම් යුගයේ අවශ්‍යතාවයක්  ඉටුකිරීමක්  ලෙස දැක්විය හැකිය.

කෝට්ටේ  යුගයේ සිට පැවත එන පුරාන විහාරස්ථානයක්  ලෙස සැලකෙන කඩුවෙල  කොතලාවල සංඛපිට්ටි පුරාන විහාරය  මුල්කරගෙන  පවත්වාගෙන යනු ලබන තක්ෂිලා මහ පිරිවෙනේ පරිවේනාධිපති ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය කනන්ගම නාරද  ස්වාමින්වහන්සේගේන් ලැබෙන උපදෙස්  අනුශාසනා මහත්  රුකුලකි.